ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
17. සුපාරිචරිය වග්ග
10. පඤ්චඞ්ගුලිය ථෙරාපදානය
’’ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ තිස්ස නම් භාග්‍යවත් තෙමේ විය. ශ්‍රේෂ්ඨ විහරණයෙහි දක්‍ෂවූ ගඳකිළියට පිවිසෙන සර්‍වඥයන් වහන්සේ දුටුවෙමි.
’’සුවඳ මල් ගෙන බුදුරජාණන් වහන්සේ වෙතට ගියෙමි. නිශ්ශබ්දවම බුදුරජුන් කෙරෙහි පසඟුල් දුනිමි.
’’මින් දෙඅනූවන කපෙහි යම් සුගන්‍ධ පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පසඟුල් දීමෙහි මේ විපාකයයි.
’’මින් දෙසැත්තෑවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සයම්බ නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චඞ්ගුලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පඤ්චඞ්ගුලියත්ථෙරස්සාපදානං දසමං.
සුපාරිචරියවග්ගො සත්තරසමො.