ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

17. සුපාරිචරිය වග්ග

9. සමාදපක ථෙරාපදානය

’’මන්ධුමතී නගරයෙහි මහත් උවසු සමුහයක් වුහ. ඔවුහු මාගේ අනුගාමිකයෝ වූහ. මම ඔවුනට ප්‍රධානවීමි.

’’ඒ සියල්ලන් රැස්කරවා නිරුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රවූ සංඝයාට (විසුමට) මාලයක් කරවන්නෙමුයයි පින්කමෙහි සමාදන් කරවීමි.

’’මාගේ අදහස අනුව ගියාවූ ඔවුහු මැනවැයි පිළිවදන් දී එම මාලකය නිමවා විපස්සී බුදුරජුන්ට පිදීමි.

’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් මාලකයක් (වාස ගෘහයක්) දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මාලක දානයාගේ මේ විපාකයයි.

’’එකුන් සැටවන කපෙහි මහත් බල ඇති ජනාධිපතිවූ ආදෙය්‍ය නම් වූ සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සමාදපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සමාදපකත්ථෙරස්සාපදානං නවමං.