ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
14. සොභිත වග්ග
4. පුප්ඵඡදනිය ථෙරාපදානය
’’මන්ත්‍රයන්හි පරතෙරට ගිය, වේද හදාරන්නාවූ, යාග කිරීමෙහි යෙදුන, නම්න් සුනන්ද නම් බමුණු තෙමේ මහා යාගයක් කෙළේය.
’’අග්‍ර කාරුණීකවූ, ඎෂීවූ, පදුමුත්තර සර්‍වඥතෙම ජන සමූහයාට අනුකම්පා කරන්නේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
’’උපධි රහිත ලෝකනායකවූ සර්‍වඥ බුදුරජතෙම (අහසෙහි) සක්මන්කොට අප්‍රමාණ සත්ත්‍වයා කෙරෙහි මෛත්‍රිය පැතිරවූ සේක.
’’මන්ත්‍රයන්හි පරතෙරට ගිය එම බමුණුතෙම මල් නටුවෙන් කඩා, සියළු ශිෂ්‍යයන් රැස්කරවා අහසෙහි දැම්මවීය.
’’එකල්හි නගරය යම්තාක් වීනම් ඒතාක් මල් වියනක්මෙන් (අහසෙහි) විය. (එය) බුද්‍ධානුභාවයෙන් සතියක් මුළුල්ලෙහි (ඉවත්ව) නොගියේය.
’’එම කුශල මූලය කරණකොටගෙන සම්පත් අනුභවකොට සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ලෝකයෙහි විසත්තිකා නම්වූ කෘෂ්ණාව තරණය කරණ ලදී.
’’එක් දහස්වන කපෙහි මහත් බල ඇති ’අම්බරංස’ නම්වූ ඒ පස් සක්විති රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵඡදනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පුප්ඵච්ඡදනියත්ථෙරස්සාපදානං චතුත්ථං.