ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

14. සොභිත වග්ග

5. රහොසඤ්ඤක ථෙරාපදානය

’’හිමවතට නුදුරු වසභ නම් පර්‍වතයක් විය. එම පර්‍වත පාදයෙහි අසපුවක් මවන ලදුයේ විය.

’’එකල්හි තුන් දහසක් බමුණු සිසුනට ඉගැන්වීමි. ඒ සිසුන් රැස් කරවා (තෙමේ) විවේක ස්ථානක හුන්නේය.

’’මන්ත්‍රයන්හි පරතෙරට ගිය එම බමුණුතෙමේ එකත්පසෙක හිඳ, බුද්‍ධ ධර්‍මය සොයන්නේ (මෙනෙහි කරන්නේ) බුද්‍ධ ඥානයෙහි සිත පැහැදවීය.

’’ඒ මම එහි සිත පහදවාගෙන පන් ඇතිරියක හුනිමි. එහි පළක් බැඳගෙනම කළුරිය කෙළේද වෙමි.

’’මින් එක්තිස්වන කපෙහිවූ එකල්හි යම් බුද්ධඥානය පිළිබඳ සංඥාවක් ලැබූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඥාන සංඥාවෙහි මේ විපාකයයි.

’’සත්විසි වෙනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සිරිධර නම් සක්විති රජෙක් විය.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් රහොසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

රහොසඤ්ඤකත්ථෙරස්සාපදානං පඤ්චමං.