ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

14. සොභිත වග්ග

6. චම්පක පුප්ඵිය ථෙරාපදානය

’’(සුපිපි) කිණිහිරි රුකක් මෙන් කඳු අතරෙහි හුන්නාවූ ඔසධි තාරකාවක් මෙන් සියලු දිගුන් ආලෝකවත් කරණ (බුදුරජුන්) දිටීමි.

’’ස්වකීය (බ්‍රාහ්මණ ධර්‍ම) යෙහි මැනවින් හික්මුණු මානවකයෝ තිදෙනෙක් වූහ. (ඔවුහු) පිරිකර බර ගෙන මා පසුපසින් එත්.

’’තවුසෙකු විසින් ගොටුවක තබන ලද මල් සතක් ගෙන (ඒ මල්) වෙස්සභූ බුදුරජුන්ගේ සර්‍වඥතාඥානයට පිදීමි.

’’මින් තිස් එක්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඤාණ පූජාවෙහි මේ විපාකයයි.

’’එකුන්තිස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විපුලාභ නම් සක්විති රජෙක් විය.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චම්පක පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

චම්පකපුප්ඵියත්ථෙරස්සාපදානං ඡට්ඨං.