ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

14. සොභිත වග්ග

7. අත්‍ථ සන්‍දස්සක ථෙරාපදානය

’’විශාල ලෙස පිපී පැතිරීගිය මල් ඇති වෙනෙහි හුන්නේ ලෝකනායකවූ, ක්‍ෂීණාශ්‍රවවූ, බල ප්‍රාප්තවූ, භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලද බුදුරජාණන් වහන්සේ දිටීමි.

’’ත්‍රිවිද්‍යාවෙන් යුත්, ෂඩභිඥා ඇති, මහා ඎද්‍ධිමත්වූ සියක් දහසක් රහත්හු සර්‍වඥයන් වහන්සේ පිරිවරත්. (එය) දැක කවරෙක් නොපහදීද?

’’ඒ බුදුරජාණන් වහන්සේ වනෙහි (දැක්වීමට) උපමාවක් දෙවියන් සහිත ලෝකයෙහි නොමැත. අනන්තවූ ඤාණයක් ඇති සර්‍වඥයන් වහන්සේට කවරෙක් නොපහදීද?

’’හුදු රත්නාකරයක් වැනිවූ, දීප්තිවූ ධර්‍මකායයද, විකොපනය කරන්නට නොහැකිය. (එබඳු උන්වහන්සේ) කවරෙක් දැක නොපහදීද?

’’නාරද සරගච්ඡිය තෙමේ මෙම තුන් ගයින් පස් මරුන් දිනූ පදුමුත්තර බුදුජුන්හට ස්තූතිකොට,

’’එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙනද, බුදුරජාණන් වහන්සේට ස්තූති කිරීම් කරණකොටගෙනද, කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ දුගතියක නොඉපදුනේය.

’’මින් තුන් දහස් තුන් සියවන කපෙහි වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමිත්ත නම් සක්විති රජෙක් විය.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අත්‍ථ සන්‍දස්සක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

අත්ථසන්දස්සකත්ථෙරස්සාපදානං සත්තමං.