ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

14. සොභිත වග්ග

8. එකපසාදනිය ථෙරාපදානය

’’නාරද යනු මාගේ (කුලයෙන් ආ) නාමයයි. කෙසව යන (ගොත්‍ර නාමයෙනුදු) මා දැනගනිත්. කුසල් අකුසල් මොනවාදැයි සොයමින් බුදුරජුන් සමීපයට පැමිණුනෙමි.

’’මෛත්‍රී චිත්තයෙන් යුත්, කාරුණීකවූ, පසැස් ඇති, මහාමුනිවූ ඒ අත්‍ථදස්සී සර්‍වඥ තෙම සත්ත්‍වයන් අස්වසමින් දහම් දෙසයි.

’’සිය සිත පහදවා, මුදුනෙහි ඇඳිලි බැඳ, ශාස්තෲන් වහන්සේට අභිවාදනය කොට නැගෙනහිර දෙසට ගියෙමි.

’’සතළොස්වන කපෙහි වන කපෙහි මහත් බල ඇති මිහිපතිවූ අමිත්ත තාපන නම් සක්විති රජෙක් විය.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපසාදනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

එකපසාදනියත්ථෙරස්සාපදානං අට්ඨමං.