ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

14. සොභිත වග්ග

9. සාලපුප්ඵදායක ථෙරාපදානය

’’එකල්හි විශිස්ඨ ජන්ම ඇති, මහා කෙසෙුරු ඇති, සිංහ රජෙක් වීමි. ගිරි දුර්ගයක් සොයන්නේ බුදුරජාණන් වහන්සේ දුටිමි. (දැක මෙසේ සිතීමි.)

’’මේ මහාවීර තෙම මහජනයා (කෙළෙස් ගින්නෙන්) නිවාදෝ මම දේවාති දේවවූ නරශ්‍රේෂ්ඨයන් වෙත එළඹෙන්නේ නම් ඉතා යෙහෙකැ’’ යි කියායි.

’’සල් අත්තක් බිඳ, (සල්) මලක් තමා වෙතට ගෙන ආමි. සම්බුදුන් වහන්සේ වෙත එළඹ එම උතුම් පුෂ්පය පිදීමි.

’’මින් එක් අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප දානයාගේ මේ විපාකයි.

’’මින් නවවන කපෙහි මහත් බල ඇති විරොචනා නම්වූ තුන් සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාලපුප්ඵදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සාලපුප්ඵදායකත්ථෙරස්සාපදානං නවමං.