ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
12. මහා පරිවාර වග්ග
4. එකාසනීය ථෙරාපදානය
’’එකල්හි නම්න් වරුණ නම්වූ දිව්‍යරාජයෙක්ව මම සමර්ත්‍ථවූ බල වාහන සහිතව බුදුරජුන්හට උවැටැන් කෙළෙමි.
’’අත්‍ථදස්සී නරශ්‍රෙෂ්ඨයන් වහන්සේ පිරිනිවි කල්හි සියලු තූර්‍ය්‍යයන් ගෙන උතුම් බෝ රුක වෙත ඩළඹියෙමි.
වාදිතයෙන්ද, නෘත්‍යයෙන්ද, කුළුතාලම් ආදියෙන්ද යුක්තවූයේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට මෙන් උතුම් බෝධිය ඉදිරියට එළඹියෙමි.
’’මම ඒ බෝධියට උවැටැන්කොට පර්‍ය්‍යඞ්කයක් බැඳගෙන (එරමිනිය ගොතාගෙන) එහි කළුරිය කෙළෙමි.
’’ස්වකීය පින්කම් වලින් පැහැදුනු මම උතුම් බෝධිය කෙරෙහිද පැහැදුණේ, එම පහන් සිතින් නිර්‍මානරතී දෙව්ලොව ඉපදුනෙමි.
’’හැම කල්හි තූර්‍ය්‍යයෝ සැට දහසක් මිනිසුන් අතුරෙහිද, දෙවියන් අතුරෙහිද, යන කුදු මහත් භවයෙහි ඉපිද සිටින්නාවූ මා පිරිවරත්.
’’මා විසින් ත්‍රිවිධාග්නීහු නිවණ ලදහ. සියලු භවයෝ නසන ලදහ. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය දරමි.
’’මින් පන්සියවන කපෙහි සත් රුවනින් යුත් නම්න් සබාහු නම් සූතිස් රජකෙණෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකාසනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
එකාසනියත්ථෙරස්සාපදානං චතුත්ථං.