ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

12. මහා පරිවාර වග්ග

3. දුතිය සරණාගමණිය ථෙරාපදානය

’’දිව්‍යරාජයන් දෙදෙනෙකුන්ගේ සංඝ්‍රාමයක් එළඹ සිටියේය. (පෙරමුණට පැමිණ) රැස්ව සිටියේ විය. මහත් ඝෝෂාවද පැවැත්තේය.

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, නොහොත් පූජාවනට ගෙයක් බඳුවූ, ලෝකය දත්, ශාස්තෘවූ පදුමුත්තර බුදුරජ තෙම අහසෙහි වැඩ සිටියේ මහජනයා සංවේගයට පත්කෙළෝය.

’’එකෙණෙහි සියලු දෙවිවරු සතුටුවූවාහු, බැහැර කරණ ලද යුද ඇඳුම් හා ආයුධ ඇත්තාහු, බුදුරජාණන් වහන්සේට වැඳ එකඟව සිටියාහුය.

’’බුදුරජාණන් වහන්සේ අපගේ අදහස් දැන ශ්‍රෙෂ්ඨ වචන ප්‍රකාශ කළ සේක. (හටගත්) අනුකම්පා ඇත්තේ මහජනයා (දුක් ගිනි හැර) නිවූ සේක. (කෙසේද යත්?)

’’එක ප්‍රාණියෙන් නසන්නාවූ, ප්‍රදූෂ්‍ය සිත් ඇති මනුෂ්‍ය තෙමේ එම ප්‍රදූෂ්‍ය චිත්තය කරණකොටගෙන අපායෙහි උපදී.

’’බොහෝ ප්‍රණීන් නසන්නාවූ, යුද පෙරමුණෙහි ඇතෙකු මෙන්, සිය සිත නිවව්. නැවත නැවත නොනසව්’’ යී (කියායි.)

’’යක් රජුන් දෙදෙනාගේම සේනාවෝ විෂ්මයට පත්වූහ. තාදී ගුණ ඇති ලෝකනායකයන් වහන්සේ සරණකොට ගියහ.

’’පසැස් අති බුදුරජ තෙම ජන සමූහයාට කරුණු අවබෝධ කරවා (පවින්) ගොඩගත් සේක. දෙවියන් විසින් බලනු ලබන්නේව උතුරු දිගට මුහුණලා වැඩිසේක.

’’පළමුකොට දීපදෝත්තමවූ, තාදී ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ සරණ ගියෙමි. (ඒ හේතුවෙන්) මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියෙහි නූපනිමි.

’’තිස් දහස් වන කපෙහි රාජ්‍යධුර වහනයෙහි ශ්‍රේෂ්ඨවූ මහා ආනභි නම් සොලොස් සක්විති රජකෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් දුතිය සරණාගමනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සරණගමනියත්ථෙරස්සාපදානං තතියං.