ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
12. මහා පරිවාර වග්ග
2. සුමඞ්ගල ථෙරාපදානය
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂඨවූ, අත්‍ථදස්සී බුදුරජාණන් වහන්සේ විහාරයෙන් නික්ම තඩාගය වෙත එළඹි සේක.
’’භාග්‍යවත් සර්‍වඥ තෙම (එහි) නා (පැන්) බී (ඉන්) එතරව (හඳනය පමණක්) එක සිව්ර ඇත්තේ දිශානුදිශාවන් බලමින් එහි වැඩ සිටි සේක.
’’(රුක්දෙවිවූ) මම භවනයෙහි හුන්නේ එකල්හි සූර්‍ය්‍යයා මෙන් බළන, ස්වර්‍ණයක් මෙන් දිළිසෙන, ලෝක නායකයන් වහන්සේ දුටිමි. (දැක) සතුටුවූයේ සතුටු සිතින් අත්පොලසන් දුනිමි. (ඒ හේතුවෙන්) නෘත්‍යයෙහිද, ගීතයෙහිද, පඤ්චාංගීක තූර්‍ය්‍යයෙහිද යෙදුනාවූ මම
’’දිව්‍යවූ හෝ, යලි මනුෂ්‍යවූ හෝ, යම් යම් යෝනියක උපදිම් නම් (යසසින්) සියළු සත්ත්‍වයන් ඉක්මවමි. මාගේ යසස විශාලවේ.
’’පුරුෂ ශ්‍රෙෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. සර්‍වඥයන් වහන්ස, ඔබ (වහන්සේ) තමා තුටුකොට අනුනුදු තුටු කෙරෙහිය.
’’මනාව්‍රත ඇත්තේ (මෙසේ තථාගතයන්) පිරිවරාගෙන හිඳ (උන්වහන්සේද) සතුටුකොට, මම බුදුරජාණන් වහන්සේට උවැටැන්කොට තුසිත භවනයෙහි උපදිමි.
’’මින් එක්දහස් සසියවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති එකචින්තික නම් එකොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සුමඞ්ගලත්ථෙරස්සාපදානං දුතියං.