ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

12. මහා පරිවාර වග්ග

1. මහා පරිවාර ථෙරාපදානය

’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂඨවූ, විපස්සී නම් බුදුරජාණන් වහන්සේ එකල්හි අට සැට දහසක් භික්‍ෂූන් සමග බන්ධුම නගරයට පිවිසි සේක.

’’නුවරින් නික්ම දිවයිනෙහිවූ චෛත්‍ය ස්ථානයට ගියෙමි. (එහිදී) කෙළෙස් රජස් විරහිත, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, නොහොත් පූජාවනට ගෙයක් බඳුවූ බුදුරජාණන් වහන්සේ දුටිමි. ඤෆු ු613

අසූ දහසක් අවශේෂ යක්‍ෂයෝ මා සමීපයෙහි, තව්තිසා වැසි දිව්‍ය සමූහයා ශක්‍රයාට මෙන් (මට) සකසා උවටැන් කරත්.

’’මම එකල්හි භවනයෙන් නික්ම වස්ත්‍රයක්ද ගෙන බුදුරජුන්හට හිස නමා වැන්දෙමි. එම වස්ත්‍රද දුනිමි.

’’බුදුරජතෙම ආශ්චර්‍ය්‍යයකි. ධර්‍මයෝද ආශ්චර්‍ය්‍යයය. අපගේ ශාස්තෘ සම්පත්තියද ආශ්චර්‍ය්‍යයකි. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් මේ පෘථිවියද කම්පා විය.

’’ආශ්චර්‍ය්‍යවූ, ලොමු දැහැ ගන්නාවූ, එම විෂ්මය දැක, තාදී ගුණ ඇති, විපදෝත්තමවූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පැහැදවීමි.

’’ඒ මම සිත පහදවා ශාස්තෲන්වහන්සේට වස්ත්‍රය පුදා, ඇමතියන් සහිතවූ පිරිවර ජනයා සමග සරණගතද වීමි.

’’මින් එක්අනූවන කපෙහිවූ එකල්හි යම් පුණ්‍ය කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් පසළොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සූවාහ නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහා පරිවාර තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

මහාපරිවාරකත්ථෙරස්සාපදානං පඨමං.