ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
11. භික්ඛාදායි වග්ග
10. රේණුපූජක ථෙරාපදානය
’’රන්වන්වූ, සියක් රැස් ඇති හිරු මෙන් වූද, සියලු දිගුන් බබුළුවන පුන්සඳ මෙන්වූද, සයුරුවලින් පිරිවැරූ පොළොව මෙන් සව්වන් විසින් පිරිවරණ ලද විපස්සී බුදුරජාණන් වහන්සේ (දුටිමි.) (දැක) නාමල් ගෙන (එහි) රේණුවලින් විපස්සී බුදුරජාණන් වහන්සේ පිදීමි.
’’මින් එක්අනූවන කපෙහි (යම්) (නාමල්) රොන් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් පන්සාළිස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති රෙණු නම් සක්විති රජෙක් විය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් රේණුපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
රෙණුපූජකත්ථෙරස්සාපදානං දසමං.
භික්ඛදායිවග්ගො එකාදසමො.