ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
11. භික්ඛාදායි වග්ග
9. බිලාලිදායක ථෙරාපදානය
’’මම හිමවතට නුදුරු තන්හි පන් ඇතිරියක වසමි. එකල්හි අහරෙහි ගිජු බවට පැමිණයේ (නිරතුරු) සයනය කරන ස්වභාවයද ඇත්තේ වෙමි.
’’කලම්බ-බිලාලී තක්කල යන අල වර්‍ග සාරාගෙන ඩෙබර බදුළු බෙලි යන ගෙඩි කඩා ගෙනවුත් (ආහාර මෙන්) පිළියෙල කරණ ලදී.
’’පූජාවන් පිළිගන්නාවූ නොහොත් පූජාවනට ගෙයක් වැනිවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ අදහස් දැන මා සමීපයට වැඩි සේක.
’’(එසේ) සමීපයට එළඹ සිටියාවූ, මහෝත්තමවූ, දෙවියන්ට දෙවිවූ, නරශ්‍රේෂ්ඨවූ, බුදුරජාණන් වහන්සේ (දැක) බිලාලී අල ගෙන පාත්‍රයෙහි බැහීමි.
’’එකල්හි මහාවීරවූ බුදුරජාණන් වහන්සේ මා සතුටු කරමින් වැළÃ සේක. සර්‍වඥයන් වහන්සේ වළඳා ඉක්බිති මෙම ගාථාව වදාළ සේක.
’’ඔබ සිය සිත පහදවා මට බිලාලි (අල) දුන්නෙහිද, (ඒ හේතුවෙන්) කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතායකට නොපැමිණෙන්නෙහිය.’’
’’මේ මාගේ අන්තිම භවය වේ. සියළු භවයෝ නසන ලදහ. සම්බුදු සසුනෙහි අන්තිම දේහය දරමි.
’’මින් සූපණස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සුමෙඛලිය නම් සක්විති රජෙක් විය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිලාලිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
බිළාලිදායකත්ථෙරස්සාපදානං නවමං.