ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
11. භික්ඛාදායි වග්ග
8. ආසනු පඨාන ථෙරාපදානය
’’(මම) අල්ප ශබ්ද ඇති, නිශ්චලවූ මහ වනයට පිවිස, තාදී ගුණ ඇති අත්‍ථදස්සී බුදුරජාණන් වහන්සේට මා විසින් සිහසුනක් පුදන ලදී.
’’මල් මිටක් ගෙන ඒ ශාස්තෲන් වහන්සේ පැදකුණුකොට ඇසුරුද කොට උතුරු දිගට මුහුණලා ගියෙමි.
’’වීපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නරශ්‍රෙෂ්ඨයන් වහන්ස, එම (පුණ්‍ය) කර්මය හේතු කොට ගෙන තමා නිවණට පත් කරමි. සියලු භවයෝ නසන ලදහ.
’’එක්දහස් අටසියවන කපෙහිවූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සිහසුන් දානයෙහි මේ විපාකයයි.
’’මින් සත්සියවෙනි කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සන්නිබ්බාබපක නම් සක්විති රජෙක් විය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනූ පඨාන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ආසනුපට්ඨාහකත්ථෙරස්සාපදානං අට්ඨමං.