ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
11. භික්ඛාදායි වග්ග
7. නලමාලිය ථෙරාපදානය
’’තාදී ගුණ ඇති, වීපදෝත්තමවූ, ලෝක ජ්‍යෙෂ්ඨවූ, තණ ඇතිරියක වැඩ හුන්නාවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට බට මලක් ගෙන, විජිනියක් (වටාපතක්) බැඳ පිළිගැවීමි.
’’ලෝකනායකවූ බුදුරජාණන් වහන්සේ විජිනිය පිළිගෙන මාගේ අදහස දැන මෙම ගාථාව වදාළ සේක.
’’යම්සේ මාගේ සිරුර නිවේද, පරිළාහයක් නොවේද, එසේම ඔබගේ සිත (රාග-ෙවෂ-මෝහ) යන ත්‍රිවිධාග්නියෙන් (නිවේවා) කෙළෙසුන්ගෙන්ද මිදේවා කියායි.
’’වනය ඇසුරු කළාවූ යම් කිසි දෙවි කෙනෙක් වූවාහුද, ඒ සියලු දෙවිවරු දායකයාහට දේශනා කරන්නාවූ බුද්‍ධ වචනය අසමුයයි රැස්වූවාහුය.
’’එහි දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුව වැඩ හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දායකයා සතුටු කරවමින් මෙම ගාථාවන් වදාළ සේක. (කෙසේද යත්)
’’මේ විජිනි දානය කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධිය කරණකොට ගෙනද, නම්න් සුබ්බත නම්වූ සක්විති රජෙක් වන්නේය.
’’කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, එම කර්මයාගේ ඉතිරි විපාකය වශයෙන් නම්න් මාළුත නම්වූ සක්විති රජෙක් වන්නේය.
’’මෙම විජිනි දානය කරණකොට ගෙනද, මහත්වූ සත්කාරය කරණකොටගෙනද, කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදින්නේය, කියායි.
’’තිස්දහස්වන කපෙහි ඒ සුබ්බත නම්න් අටතිස් රජකෙනෙක් වූහ. එකුන්තිස් දහස්වන කපෙහි මාළුත නම්න් අට රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නලමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
නළමාලියත්ථෙරස්සාපදානං සත්තමං.
සත්තමභාණවාරං.