ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

11. භික්ඛාදායි වග්ග

6. උදකපූජක ථෙරාපදානය

’’මම අහස් මගෙහි වඩින්නාවූ, රන්වන්වූ, ගිනිමෙන් දිලිසෙන, ඇවිලගත් අග්නිය වැනි බුදුරජාණන් වහන්සේට අතින් දිය ගෙන අහසෙහි උඩට දැමීමි. මහාවීරවූ, කාරුණීක ඎෂිවූ බුදුරජතෙම (එය) පිළිගත් සේක.

’’අහසෙහි වැඩ සිටියාවූ පදුමුත්තර නම් ශාස්තෘතෙම මෙම ගාථාව වදාළෝය.

’’මෙම ජල දානයෙන්ද, ප්‍රීතිය ඉපදවීමෙන්ද, (මෙතෙම) කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදී. (කියායි.)

’’වීපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂඨයන් වහන්ස, එම කර්මය කරණකොටගෙන ජය-පරාජය (දෙක) හැර නිශ්චල ස්ථානය (නිවණට) පැමිණියේ වෙමි.

’’සදහස් පන්සියවන කපෙහි සිව්මහ දිවයින හා සිව්මහ සමුදුරු කෙළවරකොට ඇති පොළොවේ අධිපතිවූ ජනශ්‍රේෂඨවූ ඒ සහස්සරාජ නම් සක්විති රජවරු තිදෙනෙක්ද වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

උදකපූජකත්ථෙරස්සාපදානං ඡට්ඨං.