ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

11. භික්ඛාදායි වග්ග

5. මුඪිපුප්ඵිය ථෙරාපදානය

’’එකල්හි මම නම්න් සුදස්සන නම්වූ මල් කරුවෙක්වීමි. ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, පහවූ කෙළෙස් මල ඇති බුදුරජාණන් වහන්සේ දුටිමි.

’’(මම) දෑසමන් මල් ගෙන පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පිදීමි. (ඒ හේතුවෙන්) පිරිසිදු ඇස් ඇත්තේ, සොම්නස්වූයේ, දිවැසද ලැබීමි.

’’මම මේ පුෂ්ප පූජාව කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොට ගෙනද කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නීපදුනෙමි.

’’මින් සතිස්වන කපෙහි මහත් බල ඇති දෙවුත්තර නම්වූ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මුඪිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

මුට්ඨිපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.