ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
11. භික්ඛාදායි වග්ග
4. පදපූජක ථෙරාපදානය
’’මම සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට සමන් මල් පිදීමි. (උන්වහන්සේගේ) ශ්‍රීපාදයෙහි මේ මල් සතක් සතුටින් විසිරවීමි.
’’එම පුණ්‍ය කර්මය කරණකොටගෙන අද දෙව් මිනිසුන් අතරෙහි අතිශයින් බබළමි. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය දරමි.
’’මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
’’මින් පස්වෙනි කපෙහි සිව්මහ දිවයින හා සිව් සයුර කෙළවරකොට ඇති පෘථිවියෙහි අධිපතිවූ, ජනාධිපතිවූ සමන්තගන්‍ධ නම්වූ තෙළෙස් සක්විති රජකෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පදපූජකත්ථෙරස්සාපදානං චතුත්ථං.