ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
11. භික්ඛාදායි වග්ග
3. උපාලි ථෙරාපදානය
’’තීව්රා නගරයෙහි වෙසෙන සුළුවූ මම එකල්හි මල් කරුවෙක් වීමි. (එහිදී) පහළවූ කෙළෙස් රජස් ඇති ලෝකනායකවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
’’මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, (උන් වහන්සේට) (උපුල්) මල් මිටක් දුනිමි. එම කර්‍මයාගේ විපාකයෙන් යම් යම් භවයක උපදීද,
’’මනාවූ මල්ලයන් විසින් පිරිවරණ ලදුයේ, පෙර තමා කළ පින්කම්හි ඉෂ්ඨ විපාක අනුභව කරමි. පුෂ්පදානයාගේ මේ විපාකයයි.
’’මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මෙම භවය හැර සිව් අනූවන කපෙහි පටන්ම එහි නජ්ජු නම් පන්සියයක් රජවරු වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
උප්පලහත්ථියත්ථෙරස්සාපදානං තතියං.