ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
11. භික්ඛාදායි වග්ග
2. ඤාණ සඤ්ඤක ථෙරාපදානය
’’මම ස්වර්‍ණ වර්‍ණවූ, උතුම් ආජානීයයෙකු මෙන් ශ්‍රේෂඨවූ, ත්‍රිමද ගලිත මෘතඞ්ග හස්ති කුලයෙහිවූ ඇත්රජෙකු වැනි, මහර්ෂීවූ, පුන් සඳු මෙන් සියළු දිගුන් බබුළුවන්නාවූ, වීථියට පිළිපන්, ලෝක ශ්‍රේෂඨවූ (සිද්‍ධාර්ත්‍ථ) බුදුරජාණන් වහන්සේ දුටිමි.
උන්වහන්සේගේ නුවණෙහි සිත පහදවා, ඇඳිලි බැඳගෙන සොම්නස්වූයේ, පහන් සිත් ඇත්තේ, සිද්‍ධාර්ත්‍ථ බුදු රජුන්හට අභිවාදනය කෙළෙමි.
’’මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ ඥානය පැහැදි සිතින් සිත්හිලා සැළකීමේ විපාකයයි.
’’මින් තෙසැත්තෑවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති නර ශ්‍රේෂ්ඨවූ සක්විති රජවරු සෙළොස් දෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණ සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ඤාණසඤ්ඤිකත්ථෙරස්සාපදානං දුතියං.