ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
10. සුධාපිණ්ඩිය වග්ග
7. මධුපිණ්ඩික ථෙරාපදානය
’’අල්ප ශබ්ද ඇති, නිරාකූලවූ මහ වනයෙහිදී, ඎෂීනට ශ්‍රේෂ්ඨවූ, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ නොහොත් පූජාවනට ගෙයක් වැනිවූ, නිවීගිය ආත්මභාව ඇති, අති ශ්‍රේෂඨවූ උත්තම ආජානීයත්‍වය ඇති, ඔසධී තරුව මෙන් බබළන්නාවූ, දිව්‍ය සමූහයා විසින් නමස්කාර කරණ ලද සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ දැක, එකෙණෙහි මට සොම්නස් සහගතවූ (සිතට) අමුතුවූ නුවණක් උපන්නේය.
’’සමාධියෙන් නැගී සිටි (ඒ) බුදුරජාණන් වහන්සේට මී දී, එම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මයද වැඳ නැගෙණහිර දෙසට මුහුණ ලා ගියෙමි.
’’සූතිස්වන කපෙහි සුදස්සන නම් රජෙක් වීමි. එකල්හි (අනුභව කරණ) භෝජනයෙහිද නෙළුඹු පැනි වැගිරේ. මිහි වැසිද වැස්සේය. පූර්‍ව කර්‍මයාගේ මේ විපාකයයි.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් මී වදයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මධු දානයාගේ මේ විපාකයයි.
’’මින් සූතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒ සුදස්සන නම් සිව් සක්විති රජකෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මධුපිණ්ඩික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
මධුපිණ්ඩිකත්ථෙරස්සාපදානං සත්තමං.