ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
10. සුධාපිණ්ඩිය වග්ග
8. සේනාසනදායක ථෙරාපදානය
’’(මම) සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට පන් ඇතිරියක් දුනිමි. හාත්පස අසෙනිය කුසුම්ද විසිරවිය.
’’මෙසේ පහයෙහි (මොලොක්) ගුණ ඇති මනරම් අගනා (ඇතිරි) පරිහරණය කරමි. මාගේ සයනයෙහි මාහැඟි මල්ද වැටේ.
’’මම විසිතුරුවූ මල් අතුළ සයනයෙහි එකෙණෙහි හොවීමි. එකෙණෙහි සයනයෙහි මල් වැසිද වසින්නේය.
’’මින් සිව් අනූවන කපෙහි පත් ඇතිරියක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඇතිරි දනෙහි මේ විපාකයයි.
’’මින් පස්වෙනි කපෙහි ජනාධිපතිවූ තිණසන්ථරක නම් මේ සක්විති රජකෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සේනාසනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සෙනාසනදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.