ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
10. සුධාපිණ්ඩිය වග්ග
9. වෙය්‍යාවච්චක ථෙරාපදානය
’’විපස්සී බුදුරජාණන් වහන්සේගේ (භක්තිමත්) මහා ජන සමූහයා විය. මම (එකල්හි) සියළු කටයුතුවල යෙදුනු වතාවත් කරන්නෙක් වීමි.
’’මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේට පිදියයුතු දෙයක්ද මට නැත. පිරිසිදු සිතින් බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැන්දෙමි.
’’මම මින් සිව් අනූවන කපෙහි (බුදුරජුන්ට) වතාවත් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) වතාවත් කිරීමෙහි මේ ප්‍රතිඵලයයි.
’’මින් අටවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සුචින්තිත නම් මේ සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් වෙය්‍යාවච්චක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
වෙය්‍යාවච්චකත්ථෙරස්සාපදානං නවමං.