ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
10. සුධාපිණ්ඩිය වග්ග
6. තිපුප්ඵිය ථෙරාපදානය
’’මම පෙර මහ වෙනෙහි වැද්දෙක්වීමි. (විපස්සී බුදුරජුන්ගේ) නිල්වන්වූ පළෝල් බෝධිය දැක (එයට) මල් තුනක් විසිරවීමි. (පිදීමි.)
’’මම එකල්හි (බෝ) කොළ සතක් (අවුලා) ගෙන පිටත දැමීමි. ඇතුළත පිරිසිදුවූ පිටත (ද) පිරිසිදුවූ (කෙළෙසුන්ගෙන්) මැනවින් මිදුණු ආශ්රව රහිතවූ ලෝක නායකවූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහිදී මෙන් පළොල් බෝධිය වැඳ මම එහි කළුරිය කෙළෙමි.
’’මින් එක් අනූවන කපෙහි යම් බෝධි පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති සමන්ත පාසාදිකා නම් වූ සක්විති රජවරු තෙළෙස් දෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තිපුප්ඵියත්ථෙරස්සාපදානං ඡට්ඨං.