ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
10. සුධාපිණ්ඩිය වග්ග
5. ගන්‍ඩමාලිය ථෙරාපදානය
’’මම සිද්‍ධාර්ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට (සඳුන්, අගිල්, කපුරු, කස්තුරි ආදිය වඩා) සුගන්‍ධස්ර්‍ථපයක් කෙළෙමි. බුදුරජාණන් වහන්සේට සුදුසු සේ කරණලද එය සමන් මල්වලින් වසන ලදී.
’’රන් ඇගෑවක් මෙන් බබළන, ලෝකයෙහි අසහාය නායකවූ, සර්‍වඥවූ, උපුල් මලක් මෙන් බබළන, ඇවිලෙන ගින්නක් වැනි, ශ්‍රේෂ්ඨ ව්‍යාඝ්‍රයෙකු මෙන් උතුම්වූ, විශිෂ්ඨ ජන්ම ඇති, කේශර සිංහයෙකු වැනි, භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලද, ශ්‍රමණයනට අග්‍රවූ බුදුරජාණන් වහන්සේද, (එම) බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද යුග්මයද වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
’’යම්හෙයකින් මින් සිව් අනූවන කපෙහි මේ ගඳමල් පූජාවක් කරණ ලදද, බුදුරජුන් විෂයෙහි කරණ (ලද) පුණය කර්‍මයාගේ විපාක කරණකොටගෙන මම විශේෂයෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’එකුන් සතලිස්වන කපෙහි දෙවගන්‍ධ නම්වූ ඒ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ගන්ධමාලියත්ථෙරස්සාපදානං පඤ්චමං.