ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

10. සුධාපිණ්ඩිය වග්ග

4. සූචිදායක ථෙරාපදානය

’’මම පෙර බන්‍ධුමා නම් උතුම් පුරයෙහි කඹුරෙක් වීමි. මා විසින් විපස්සී බුදුරජාණන් වහන්සේට හිදි (ඉදිකටු) දනක් දෙන ලදී.

’’එම හිදි දන කරණකොට එවැනිමවූ විදුරග වැනි නුවණ වේ. පහවූ රාගය ඇත්තේ වෙමි. (කෙළෙසුන්ගෙන්) මිදුනේ වෙමි. ආශ්‍රවක්‍ෂයට පැමිණියේ වෙමි.

’’අතීත භවයෙහිද, වර්‍තමාන භවයෙහිද, අනාගත භවයෙහිද සියල්ල නුවණින් සොයා ගතිමි. හිඳි දනෙහි මේ විපාකයයි.

’’මින් එකානූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වජිර නම්වූ සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සූචිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සූචිදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.