ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

10. සුධාපිණ්ඩිය වග්ග

3. අඩ්ඪචෙලක ථෙරාපදානය

’’මම සියල්ල දත් තිස්ස බුදුරජාණන් වහන්සේට (සිව්රු පිණිස) රෙදි කැබැල්ලක් දුනිමි. දුගඳින් යුත් මම අතිශය දුකට පත්වූයේ වෙමි.

’’මම (සිව්රු පිණිස මෙම) රෙදි කැබැල්ල පුදා කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටුවීමි. සෙසු කල්පයන්හි මා විසින් කුශල් කරණ ලදී.

’’මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් වස්ත්‍රයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.

’’එකුන් පණස්වන කපෙහි ජනාධිපතිවූ සමන්ත ඡදන නම් දොළොස් සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඩ්ඪාචලක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

අඩ්ඪචෙළකත්ථෙරස්සාපදානං තතියං.