ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

10. සුධාපිණ්ඩිය වග්ග

2. සුචින්තික ථෙරාපදානය

’’මම සියල්ල දත් තිස්ස බුදුරජුන්හට තුටුවූයේ, තුටු සිතින්ම (සිලිටි දැව මුවා අනගි) පිරිසිදු පුටුවක් පිදීමි.

’’මින් අට තිස්වන කපෙහි මහාරුචි නම් රජෙක් වීමි. (ඔහුට) බොහෝවූ සයනාසනද, මහත්වූ භෝගද ඇත්තේ විය.

’’පිරිසිදු සිතින් බුදුරජාණන් වහන්සේට පුටුවක් දී තමා විසින් පෙර මැනවින් කළ (ඒ) ස්වකීය (පුණ්‍ය) කර්‍මය අනුභව කරමි.

’’මින් දෙනූවන කපෙහිවූ එකල්හි යම් පුටුවක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පීඨ දානයාගේ මේ විපාකයයි.

’’මින් අටතිස්වන කපෙහි රුචිය, උපරුචිය, මහා රුචිය යයි සක්විති රජවරු තිදෙනෙක් වුහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සුචින්තිකත්ථෙරස්සාපදානං දුතියං.