ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
10. සුධාපිණ්ඩිය වග්ග
1. සුධාපිණ්ඩිය ථෙරාපදානය
’’පිදීමට සුදුසුවූ, කෙළෙස් (පමා දොස්) ඉක්මවූ, තරණය කළ (තුනී කළ) ශෝක පරිදේව (දුක්) ඇති බුදුරජුන් කෙරෙහි හෝ සව්වන් කෙරහි හෝ පුදන්නහුට (හෙවත්) (කෙළස් පිරිනිවනින්) පිරිනිවි බිය නැති එබඳු උතුමන් කෙරෙහි පුදන්නාවූ ඔවුනට (ලැබෙන) පින මෙපමණයයි කිසිවකින් පමණ කිරීමට (මැණීමට) නොහැකිය.
’’යමෙක් (මේ ලෙව්හි) සිව්මහ දිවයිනට ඉසුරු රජය කරවන්නේද, (එය) මෙබඳු එක පියුමක් සොළොස්වෙනි කලාවකටද නොඅගී.
’’සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේගේ සෑයෙහි පැළුම් අතර මා විසින් පැහැදිලි සිතින් සුණු පිඩක් දෙන ලදී. (පැළුම් අතරෙහි සුණු ගසා කවන ලදී.)
’’මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් (පින්) කමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිළිසකරයෙහි (ප්‍රතිසංස්කරණයෙහි) මේ විපාකයයි.
’’මින් තිස්වන කපෙහි සත්රුවනින් යුත් පටිසංඛාර නම්වූ සක්විති රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුධාපිණ්ඩිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සුධාපිණ්ඩියත්ථෙරස්සාපදානං පඨමං.