ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
9. තිමිරපුප්ඵිය වග්ග
10. පදුමපුප්ඵිය ථෙරාපදානය
’’මම නෙළුම් වනයට (පොකුණකට) පිවිසියේ, මල් බිඳින්නේ (ගලවන්නේ) දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් ඵුස්ස බුදුරජාණන් වහන්සේ දුටිමි.
’’මම නෙළුම් මල් ගෙන (එම බුදුරදුන් උදෙසා) අහසට දැමීමි. (හෙතෙම එම) ප්‍රසන්න කර්‍මය (පින්කම) කොට අනාගාර්‍ය්‍ය නම්වූ ශාසනයෙහි පැවිදිවීමි.
’’පැවිදිට සංවරණය කළාවූ කයින්ද, සිතින්ද යුතුව වාග් දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කෙළෙමි
’’මින් දෙයානූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’කල්ප අටළොසක පදුමාභාස නම්වූ අටළොස් රජ කෙනෙක් වූහ. (එසේම) අටසාළිස් රජකෙනෙක්ද වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පදුමපුප්ඵියත්ථෙරස්සාපදානං දසමං.
තිමිරවග්ගො නවමො.