ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

9. තිමිරපුප්ඵිය වග්ග

9. බොධීසිඤ්චක ථෙරාපදානය

’’මම මල් හා (සුවඳ) පැන් ගෙන (ඒ කිණිහිරි) බෝධියට ඉස්සෙමි. (ඉස මෙසේ සිතීමි.) (සර්වඥ තෙම) (සසර දුකින්) මිදුනේ, අපද (ඉන්) මුදවන්නේය. (කෙළෙස් ගින්නෙන්) නිවුනේ, (අපද ඉන්) නිවීමට පමුණුවන්නේය, කියායි.

’’විපස්සී බුදුරජාණන් වහන්සේගේ මහා බෝධි පූජාවක් විය. (එකල) පැවිදිව සිටි මම (එම) පූජාවට එළඹියෙමි.

’’මින් එක් අනූවන කපෙහි (කිණිහිරි) බෝධියට යම් (සුවඳ පැන්) ඉසීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බෝධියට පැන් ඉසීමේ මේ විපාකයයි.

’’තෙතිස්වන කප පවත්නා කල්හි උදය සෙවන නම් ජනාධිපතිවූ ඒ අට සක්විති රජවරු වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බොධීසිඤ්චක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

බොධිසිඤ්චකත්ථෙරස්සාපදානං නවමං.