ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

9. තිමිරපුප්ඵිය වග්ග

8. සද්ද සඤ්ඤක ථෙරාපදානය

’’(මම) හිමවතෙහි පන් ඇතිරියක වසමි. (එකල්හි) දහම් දෙසන්නාවූ ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ (මධුර) ස්වරයෙහි සිත පැහැදවීමි.

’’මින් දෙයානූවන කපෙහි මම යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (ඒ) පුණ්‍ය කර්‍මයාගේ මේ විපාකයයි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්ද සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සද්දසඤ්ඤකත්ථෙරස්සාපදානං අට්ඨමං.