ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

21. කණිකාරපුප්ඵිය වග්ග

9. ආධාරදායක ථෙරාපදානය

’’ලෝකබන්ධුවූ සිඛී බුදුරජුන්හට මා විසින් ආධාරකයක් (පාත්‍රදාරයක්) පුදන ලදී. මම (ඒ හේතුවෙන්) ධනය සහිත මේ පොළොවම දරමි.

’’මාගේ සියළු කෙළෙස් දවන ලදී. සියළු භවයෝ වනසන ලදහ. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරයද දරමි.

’’මින් සත්විසිවන කපෙහි මහත් බල ඇති ’’සමන්තචරණ’’ නම් සිව් සක්විති රජකෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආධාරදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ආධාරදායකත්ථෙරස්සාපදානං නවමං.