ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
21. කණිකාරපුප්ඵිය වග්ග
8. කොරණ්ඩපුප්ඵිය ථෙරාපදානය
’’සක් ලකුණින් බබළණ තබන ලද ශ්‍රීපාද සටහන් දැක (මම ඒ) විපස්සී බුදුරජුන්ගේ පියවර සටහන් අනුව යන්නේ
’’පිපුණු කොරණ්ඩ වෘක්‍ෂයක් දැක මුල සිටම ඇති ඒ සියළු මල් මා විසින් (බුදුරජුන්හට) පුදන ලදී. සතුටුවූයේ සතුටු සිතින්ම උතුම් පා වැන්දෙමි.
’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පියවර සටහන් පිදීමෙහි මේ විපාකයයි.
’’සත් පණස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති ’’වීතමල’’ නම් එක් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොරණ්ඩපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කොරණ්ඩපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.