ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
21. කණිකාරපුප්ඵිය වග්ග
10. වාතාතපනිවාරිය ථෙරාපදානය
’’දෙවියනට දෙවිවූ, තාදී ගුණ ඇති තිස්ස බුදුරජුන්හට පැහැදුනු සිතින් එක් කුඩයක් මා විසින් පුදන ලදී. (ඒ හේතුවෙන්) මාගේ පව් වැලැක්කේ විය. (තමා වෙත කුශලයන්ගේ පැමිණීම විය. අහසෙහි කුඩ දරත්. පූර්‍ව ඡත්‍ර දානමය) කර්‍මයාගේ මේ විපාකයයි.
’’මා විසින් සියළු භවයෝ නසන ලදහ. (මෙය) මාගේ අන්තිම භවයයි. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරයද දරමි.
’’මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් ඡත්‍ර දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඡත්‍ර දානයාගේ මේ විපාකයයි.
’’මින් දෙසැත්තෑවන කපෙහි ජනාධිපතිවූ මහානිදාන නම් අට සක්විති රජකෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාතාතපනිචාරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පාපනිවාරියත්ථෙරස්සාපදානං දසමං.
කණිකාරපුප්ඵිය වර්‍ගය නිමි.