ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

21. කණිකාරපුප්ඵිය වග්ග

5. නිග්ගුණ්ඩිපුප්ඵිය ථෙරාපදානය

’’(මම) විපස්සී බුදුරජාණන් වහන්සේගේ ආරාමිකයෙක් වීමි. (ඒ මම) නිකමල් ගෙන බුදුරජාණන් වහන්සේට පිදීමි.

’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් පන්තිස්වන කපෙහි මහත් බල ඇති ජනාධිපතිවූ මහාප්‍රතාප නම් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිග්ගුණ්ඩිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

නිග්ගුණ්ඩිපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.