ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
21. කණිකාරපුප්ඵිය වග්ග
4. තරණිය ථෙරාපදානය
’’වීපදෝත්තමවූ, නරශ්‍රේෂ්ඨවූ භාග්‍යවත් අත්‍ථදස්සී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරන ලදුයේ ගංතෙරට එළඹිසේක
’’(මම) සමව මුවවිට දක්වා පිරුණු, කපුටුවනට පවා ඉවුරෙහි සිට පැන් පානය කළහැකිසේ දියෙන් පිරීගිය එම ගඟින් තරණයකොට එතරට යාම දුෂ්කරවූ වීපදෝත්තමවූ බුදුරජුන්ද, භික්‍ෂු සංයාද එතර කරවීමි.
’’එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (ගඟින්) තරණය කරවීමෙහි මේ විපාකයයි.
’’මින් එක් දහස් තෙසියවෙනි කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති ’’සම්භාගව’’ නම් පස් සක්විති රජකෙනෙක් වූහ.
’’මම මේ පශ්චිම භවයෙහි බමුණු කුලයෙහි උපනිමි. යහළුවන් තිදෙනෙකු සමග ශාස්තෘ ශාසනයෙහි පැවිදිවීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තරණියත්ථෙරස්සාපදානං චතුත්ථං.