ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
21. කණිකාරපුප්ඵිය වග්ග
3. කිඞ්කිණිකපුප්ඵිය ථෙරාපදානය
’’රන් ඇගෑවක් මෙන් බබළන සර්‍වඥවූ ලෝකනායක බුදුරජතෙමේ සිසිල් දිය සහිත විලකට බැස ජල ස්නානනය කළ සේක.
’’මම කිකිණි මල් ගෙන ඔදවැඩි සිත් ඇත්තේ සොම්නස්වූයේ, විපදෝත්තමවූ, තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට පිදීමි.
’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සත්විසිවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති භීමරථ නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිඞ්කිණිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කිඞ්කණිපුප්ඵියත්ථෙරස්සාපදානං තතියං.