ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

21. කණිකාරපුප්ඵිය වග්ග

2. මිනෙලපුප්ඵිය ථෙරාපදානය

’’හිරු මෙන් ප්‍රතාපවත්වූ, ස්වර්‍ණ වර්‍ණවූ භාග්‍යවත්වූ, මෙත් සිත් ඇති සිඛී බුදුරජතෙම සක්මණට නැගුනේමය.

’’පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ශ්‍රේෂ්ඨ ඥාන ඇති බුදුරජුන්හට වැඳ මිනෙල පුෂ්පයන් ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.

’’මින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’එකුන් තිස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති ’’සුමෙධයස’’ යයි ප්‍රකටවූ සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මිනෙලපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

මිනෙලපුප්ඵියත්ථෙරස්සාපදානං දුතියං.