ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

20. තමාල පුප්ඵිය වග්ග

6. කිසලයපූජක ථෙරාපදානය

’’වාරවතී නගරයෙහි මාගේ පුෂ්පොද්‍යානයෙක් විය. එහිම ගස්වල වැඩීමට ජලය සපයන ලිඳක් වේ.

’’බුද්ධ බලය තහවුරු බවට පත්, පස් මරුන් දිනූ ඒ සිද්‍ධාර්ත්‍ථ බුදුරජතෙම මට අනුකම්පා කරනුයේ අහස් මගෙහි වඩිනා කල්හි

’’මහර්ෂීන් වහන්සේට පිදීමට සුදුසු අන් කිසිවක් නොදකිමි. මම හෝපළු (දළු) දැක (එය ගෙන) අහසෙහි දැමීමි.

’’ඒ අසෝක පල්ලවයෝ වඩින්නාවූ බුදුරජුන් පසුපසින් යෙත්. මම එම විෂ්මය දැක බුදුරජාණන් වහන්සේගේ උදාර බව ආශ්චර්‍ය්‍යයි (සිතීමි.)

’’මින් සිව් අනූවන කපෙහි (යම්) හෝපළු පිදීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් සත් විසිවෙනි කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති ’’එකස්සර’’ නම් එක් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිසලයපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

කිසලයපූජකත්ථෙරස්සාපදානං ඡට්ඨං.