ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
20. තමාල පුප්ඵිය වග්ග
5. අඞ්කොලක ථෙරාපදානය
’’පිපුනාවූ රුකඟුන ගසක් දැක (එහි) උතුම් මල් කොෂ සහිතවම නෙලාගෙන එම මල් ගෙන (සිද්ධාර්ත්‍ථ) බුදුරජුන් සමීපයට ගියෙමි.
’’එසමයෙහි මහාමුනිවූ සිද්ධාර්ත්‍ථ බුදුරජතෙම විවේක සුවයෙන් හුන් සේක. (මම උන්වහන්සේට) මොහොතක් බුහුමන් දක්වා (එම) මල් ගුහාවෙහි විසිරවීමි.
’’මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් සතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති දෙවගජ්ජිත නම් එක් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කොලක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අඞ්කොලකත්ථෙරස්සාපදානං පඤ්චමං.