ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

20. තමාල පුප්ඵිය වග්ග

4. අසොකපූජක ථෙරාපදානය

’’එකල්හි රම්‍යවූ තීවරා පුරයෙහි රාජොද්‍යානයක් විය. මම එහි රජුගේ සහචරවූ උයන්පල්ලෙක් වීමි.

’’සියල්ල තෙමේම අවබෝධ කළාවූ පදුම නම් බුදුරජෙක් විය. පියුම සෙවනැල්ල නොහැර සිටියාවූ ඒ මුනීන්‍ද්‍රයන් වහන්සේ දුටිමි.

’’පිපුණු දැකුම්කලු අසෝක ගසක් දැක (ඉන්) මල් පොකුරක් පදුමුත්තර නම්වූ ඒ බුදුරජාණන් වහන්සේට පිදීමි.

’’මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් සිව් සැත්තෑවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති අරුණඤ්ජන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අසොකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

අසොකපූජකත්ථෙරස්සාපදානං චතුත්ථං.