ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

20. තමාල පුප්ඵිය වග්ග

3. ඛණ්ඩඵුල්ලිය ථෙරාපදානය

’’මහවනයෙහි ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ සතූපයක් විය. එකල්හි ඇතුන් විසින් බඳින ලද එහි වැඩීගිය ගස් ඇත්තේද විය.

’’තිලෝගුරු එම බුදුරජාණන් වහන්සේගේ ගුණයෙන් සතුටුවූ මම විසම තැන් සමකොට සුණු පිඩු දුනිමි. (සුණු පිරියම් කෙළෙමි.)

’’මින් දෙඅනූවන කපෙහි වූ එකල්හි යම් පිළිසකර කමක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. සුණු පිඩු දීමෙහි මේ විපාකයයි.

’’සත් සැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ’’ජිනසෙන’’ නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛණ්ඩඵුල්ලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ඛණ්ඩපුල්ලියත්ථෙරස්සාපදානං තතියං.