ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

20. තමාල පුප්ඵිය වග්ග

2. තිණසන්ථදායක ථෙරාපදානය

’’වනවැසි තවුසෙක් තෙම බුදුරජාණන් වහන්සේට තණ කපයි. ප්‍රදක්‍ෂිණාවර්‍තවූ (දකුණට කැරකුණු) ඒ සියල්ලෝ බිම (පොළොවෙහි) වැටුනාහුය.

’’මම ඒ තෘණ ගෙණ බිම ඇතිරීමි. එකල්හි මම තල්පත් තුනක්ද ගෙන

’’තෘණයෙන් සෙවෙණියක් කොට සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන්හට දුනිමි. (එය) දෙවි මිනිසුනට ශාස්තෘවූ උන්වහන්සේ සතියක් දැරුවාහුය.

’’මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් තණ (සෙවෙණියක්) දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තණ (සෙවෙනි) දනෙහි විපාකයයි.

’’මින් පන්සැටවන කපෙහි සත්රුවනින් යුත් මහත් ඵල ඇති මහධන නම් සක්විති රජකෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසන්ථදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

තිණසන්ථාරකත්ථෙරස්සාපදානං දුතියං.