ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
19. කුටජපුප්ඵිය වග්ග
10. තිවණ්ටිපුප්ඵිය ථෙරාපදානය
’’ඒ සියල්ලෝ මා වෙත රැස්ව දුකින් පීඩිතවූවාහු ලතැවෙමින් සිතත්. එසේ සිතන්නාහු ඔවුන්හට දාහයද ඇතිවිය.
’’එකල්හි ධම්මදස්සී බුදුරජාණන් වහන්සේගේ ’සුනන්‍ද’ නම් ශ්‍රාවක තෙමේ මාගේ සමීපයට පැමිණියේය.
’’එකල්හි යම් කෙනෙක් මාගේ සහචරයෝ වූවාහුද ඔවුහු මට මල් දුන්නාහුය. මම ඒ මල් ගෙන (එම සුනන්‍ද නම්) ශ්‍රාවකයන් වහන්සේට පිදීමි.
’’(ඉක්බිති) කළුරිය කළාවූ (මම) එම දෙව්ලොවෙහිම උපනිමි. මම එක් දහස් අටසියවන කපෙහිද දුගතියකට නොගියෙමි.
’’මින් එක් දහස් තෙසියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධූමකේතු නම් අට සක්විති රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිවණ්ටිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තිවණ්ටිපුප්ඵියත්ථෙරස්සාපදානං දසමං.
කුටජපුප්ඵියවග්ගො එකූනවීසතිමො.