ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

19. කුටජපුප්ඵිය වග්ග

9. එකචාරිය ථෙරාපදානය

’’එකල්හි තව්තිසා වැසි දෙවියන් අතර මහත් ඝෝෂාවක් විය. (කෙසේද යත්?) බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පිරිනිවන් පානා සේක. අපිදු (මේ තාක්ම) රාග සහගතයෝ වෙමුය කියායි.

’’ඒ සංවේගයට පත්, ශෝක නමැති උල් ඇණුනු එම දෙවියන් අතුරෙන් මම බල සහිත බැවින් (දුර්‍වල නොවී) බුදුරජුන් සමීපයට ගියෙමි.

’’මවන ලද සියුම්වූ මදාරා (මල්) ගෙන පිරිනිවන් පානා වේලෙහි බුදුරජුන්හට පිදීමි.

’’එකල්හි සියළු දෙවියෝද, අප්සරාවෝද, මාගේ (පිණ) අනුමෝදන්වූහ. (ඒ හේතුවෙන්) මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක් නොදනිමි.

’’මින් සැටදහස්වන කපෙහි මහත් බල ඇති මහා මල්ලජන නම් සොළොස් සක්විති රජෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකචාරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

එකචාරියත්ථෙරස්සාපදානං නවමං.