ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
19. කුටජපුප්ඵිය වග්ග
2. බන්ධුජීවක ථෙරාපදානය
’’සියල්ල තෙමේම අවබෝධ කළාවූ, සත් පුරුෂයන් විසින් වර්‍ණනා කරණ ලද සිද්ධාර්ත්‍ථ නම් ඒ බුදුරජ තෙමෙ සමාධියට සමවැදුනේ පර්‍වත කූටයෙහි වැඩ හුන් සේක.
’’ස්වයංජාත විලෙක්හි ජලයෙහි හටගත්තාවූ උතුම් මල් සොයන්නේ (ඒවා නොදැක) ඉක්බිතිව
’’(එම මල්) දෝතින් ගෙන මහාමුනිවූ බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන්ට එය පිදීමි.
’’මින් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
’’මින් තුදුස්වන කපෙහි ජනාධිපතිවූ සමුද්දකප්ප නම් මහත් බල ඇති එක් සක්විති රජකෙනෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බන්ධුජීවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
බන්ධුජීවකත්ථෙරස්සාපදානං දුතියං.