ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

19. කුටජපුප්ඵිය වග්ග

1. කුටජපුප්ඵිය ථෙරාපදානය

’’උදාවූ හිරුමෙන් අහසෙහි වඩින්නාවූ, දිශාවිලෝකනය කරන්නාවූ, ස්වර්‍ණ වර්‍ණවූ බුදුරජාණන් වහන්සේ (දුටිමි.)

’’දිගු පුළුල්ලෙහි පැතිරීගිය පිපුණු කෙලින්ද ගසක් දැක (ඒ මල්) ගසින් නෙලා ඵුස්ස බුදුරජාණන් වහන්සේට පිදීමි.

’’මින් දෙඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් සතළොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති පුප්ඵික නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටජපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

කුටජපුප්ඵියත්ථෙරස්සාපදානං පඨමං.