ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

18. කුමුද වග්ග

10. සංඝුපට්ඨාක ථෙරාපදානය

’’වෙස්සභූ බුදුරජුන්ගේ කාලයෙහි මම (අරමෙහි උවටැන් කරන්නෙක්) ආරාමිකයෙක් වීමි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ උතුම් සංඝයාට උවටැන් කෙළෙමි.

’’මින් තිස් එක්වන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (සඟනට) උවටැන් කිරීමේ මේ විපාකයයි.

’’මින් සත්වැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සම්බොදක නම් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සංඝුපට්ඨාක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සඞ්ඝුපට්ඨාකත්ථෙරස්සාපදානං දසමං.

කුමුදවග්ගො අට්ඨාරසමො.